ෂකීබ් සමාව ඉල්ලයි

ෂකීබ් සමාව ඉල්ලයි

ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අසමත් වූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් ඒ පිළිබඳව එරට ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියේ ය.

මූලික වටයේ අවසන් තරගයේදී දකුණු අපි‍්‍රකාව ලබා දුන් ලකුණු 285 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයේ පිතිකරුවෝ ලකුණු 78 ක් තුළ දැවී යෑමෙන් පසුව එරට මාධ්‍ය මගින් ද බංග්ලාදේශ පිල දැඩි ලෙස විවේචනය කළේ ය. “ලොකු අවස්ථාවක් අපිට අහිමි වුණා. පසුගිය මාස 12 ඇතුළත අපි හොඳින් දස්කම් දැක්වූවා. මෙවර තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අපිට හැකිවෙතැයි යන බලාපොරොත්තුව අපි හැම කෙනෙකුගේම සිත තුළ තිබුණා. “ නායක ෂකීබ් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ ය.

“තරග කීපයක් ජය ගත්තත් අපි සමස්ත තරගාවලිය පුරාම හොඳීන් ක්‍රීඩා කළේ නැහැ. අපේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ වැටීම ගැන මම නායකයා වශයෙන් සමාව අයැද සිටිනවා. ඔහු වැඩි දුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා