වර්ණපුර හා වාස් දස්කම් දක්වති

වර්ණපුර හා වාස් දස්කම් දක්වති

මලින්ද වර්ණපුරගේ විශිෂ්ට පිතිහරඹයත් චමින්ද වාස්ගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගමාලාවේ “ඒ” කොටස යටතේ සී. සී. සී. පිල සමග ඊයේ (21) සී. සී. සී. පිටියේදී නිමාවට පත්වූ තුන්දින තරගයෙන් ලකුණු 301 ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට කෝල්ට්ස් පිල සමත් විය.

මලින්ද වර්ණපුර කෝල්ට්ස් පිලේ පළමු ඉනිමේදී ලකුණු 101 ක් රැස් කළ අතර දෙවැනි ඉනිමේදී ලකුණු 186 ක් ලබා ගැනීමට සමත් විය. සී. සී. සී. පළමු ඉනිමේදී ලකුණු 28 කට කඩුලු 7 ක් බිඳ දැමූ චමින්ද වාස් දෙවැනි ඉනිමේදී ලකුණු 8 කට කඩුලු 2 ක් දවාලීය.

කෝල්ට්ස් පළමු ඉනිම – 173 මලින්ද වර්ණපුර 101, (ඩිලේෂ් ගුණරත්න 46 / 5, මලින්ත ගජනායක 27 / 3) සහ දෙවැනි ඉනිම – 404 / 4 – මලින්ද වර්ණපුර 186, කුෂාල් පෙරේරා 88, රොෂේන් සිල්වා නොදැවී 59 (සචිත් පතිරණ 81 / 2)

සී. සී. සී. පළමු ඉනිම – 147 – නිසල් රන්දික 53, සචිත් පතිරණ 35 (චමින්ද වාස් 28 / 7, ඉෂාන් ජයරත්න 35 / 2) සහ දෙවැනි ඉනිම – 129 නිසල් රන්දික 82 (දිල්රුවන් පෙරේරා 24 / 3, චමින්ද වාස් 8 / 2, සජීව වීරකෝන් 26 / 2)

මුවර්ස් පිලට ජය

මේ අතර මුවර්ස් පිල හා බී. ආර්. සී. පිල අතර පෙරේදා පැවති තරගයෙන් ලකුණු 202 ක ජයක් අත්කර ගැනීමට මුවර්ස් පිල සමත් විය.

මුවර්ස් පළමු ඉනිම – 447 / 9 චතුරංග ද සිල්වා 150, ශාන්ත කලවිටිගොඩ 149 (ගිහාන් දිල්රුක් 91 / 3) සහ දෙවැනි ඉනිම – 135 / 6 – භාතිය පෙරේරා 72 (ගිහාන් දිල්රුක් 54 / 3)

බී. ආර්. සී. පළමු ඉනිම – 154 - වෙරංග දිසානායක 50 (දිල්හාර ලොකුහෙට්ටිගේ 38 / 5, තරංග ප්‍රනාන්දු 55 / 4) සහ දෙවැනි ඉනිම – 226 - නුවන් ශිරෝමන් 45 (නුවන් ජී මදනායක 70 / 3)

යුද හමුදාවට ලකුණු 199 ක ජයක්

යුද හමුදාව හා නාවික හමුදාව අතර වැලිසර පැවැති තරගයෙන් ලකුණු 199 ක ජයක් අත්කර ගැනීමට යුද හමුදාව සමත් විය. මේ අනුව සහභාගි වූ තරග 5 ම ජයගෙන “බී” කොටසේ පෙරමුණේ පසුවීමට යුද හමුදාවට හැකි විය.

යුද හමුදාව පළමු ඉනිම – 142 (දුලාංජන මෙන්ඩිස් 45 / 8) සහ දෙවැනි ඉනිම – 324 මංජුල ද සොයිසා 85, චානක සිල්වා 59 (දුලාංජන මෙන්ඩිස් 127 / 6)

නාවික හමුදාව පළමු ඉනිම – 54 (නුවන් ලියනපතිරණ 39 / 6, එස්. ප්‍රසන්න 15 / 4) සහ දෙවැනි ඉනිම – 213 උදාර ජයසුන්දර 51 (එස්. ප්‍රසන්න 95 / 4)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා