වෙනම රාජ්‍ය සංකල්පයෙන් බැහැර වී සියලු පක්ෂ එක අරමුණින් ක්‍රියා කළ යුතුයි

වෙනම රාජ්‍ය සංකල්පයෙන් බැහැර වී සියලු පක්ෂ එක අරමුණින් ක්‍රියා කළ යුතුයි

නියංගොඩ ශ්‍රී විජිත සිරි අනු නා හිමි

ජාතිවාදී හැඟීම් මෙන්ම වෙනම රාජ්‍ය සංකල්පයෙන් බැහැර වී විවෘත මානසකින් යුක්තව කල්පනා කරමින් රටෙහි ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එකම අරමුණකින් ක්‍රියා කළ යුතුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමිපාණෝ පවසති.

රටක් ලෙස ඉතිහාසය තුළ අප ලැබූ අත්දැකීම් මැනවින් අවබෝධයට ගෙන විසඳුම් සෙවීම වෙනුවට ඇතැම් කණ්ඩායම් පටු අරමුණු වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජන කොටස් වලට සිදු කරන බලවත් අසාධාරණයක් බවත් අනු නාහිමියෝ කීහ.

රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට හානියක් නොවන ලෙස බලය විමධ්‍යගත විය යුතුව ඇතැයිද මේ සඳහා ගැඹුරෙන් සාකච්ඡා කළ යුතු බවත් උන් වහන්සේ පැවසූහ.

දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය සාර්ථකව නිමා කරමින් රටට ස්ථිර සාමය උදා කළා සේ ජාතික ප්‍රශ්නයටද ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයිද විජිතසිරි අනුනාහිමියෝ කීහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා