‘නිදහස සමරන්න ජාතික ධජය ඔසවන්න’

‘නිදහස සමරන්න ජාතික ධජය ඔසවන්න’

64 වැනි ජාතික නිදහස් දින උත්සවය නිමිත්තෙන් අද (03) සිට සතියක් පුරා සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා ඉල්ලීමක් කරයි.

එසේම එම ආයතන රාත්‍රී කාලයේ විදුලි බුබුළුවලින් ආලෝකවත් කර තබන ලෙසද ලේකම්වරයා අදාළ බලධාරින්ට දන්වා තිබේ.

ජාතියේ ප්‍රෞඪත්වය ආරක්ෂා වන පරිදි මෙවර පවත්වන 64 වැනි ජාතික නිදහස් උත්සවය අනුරාධපුරයේ දී පැවැත්වීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු සංවිධාන කටයුතු සිදුකර අවසන් බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා