ද්විතීයික පාසල් සංවර්ධන උළෙල අද

ද්විතීයික පාසල් සංවර්ධන උළෙල අද

ද්විතීයික පාසල් දහස සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අද (03) අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අනුරාධපුරයේ දී පැවැත්වෙන නිදහස් උළෙල සහ දැයට කිරුළට සමගාමීව මේ උත්සවය පැවැත්වෙන බවත්, ද්විතියික පාසල් දහස සංවර්ධනය කිරීම මේ මාසයේ දී ආරම්භ කරන බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළේ ය.

සුපිරි පාසල් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් සෑම පහසුකමක්ම සහිත 1 AB පාසල් තුනක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පිහිටුවන බවත් කී අධ්‍යාපන ඇමැතිවරයා ග්‍රාමීය දරුවන්ට පහසුකම් ලබාදීමත් ඔවුන්ට විෂය භාහිර ක්‍රීඩා සෞන්දර්ය වැනි ක්‍රියාකාරකම් සඳහා යෙදවීමත් මෙහි අරමුණ වන බවත් කීය.

සුපිරි පාසල් වලට තිබෙන ඉල්ලුම, නවීන ගණිතාගාර, විද්‍යාගාර, භාෂාගාර වැනි පහසුකම් නැණසල මධ්‍යස්ථාන ඇති කිරීමත් මෙම පාසල් තුළ සිදු කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා