අශාන් රණසිංහ කඩුලු 10යි

අශාන් රණසිංහ කඩුලු 10යි

පි‍්‍රයාන් ද සිල්වා මාතර ක්‍රීඩා

කෝට්ටේ සාන්ත තෝමස් පිල සමඟ උයන්වත්ත පිටියේ පැවැති 19 න් පහළ දෙවැනි පෙළ ක්‍රිකට් තරගයකදී කඩුලු දහයක් දවාගනිමින් මාතර සාන්ත තෝමස් නායක අශාන් රණසිංහ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය. දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු ලකුණු 86 ක් ද රැස්කර ගත්තේය.

කෝට්ටේ පිල වෙනුවෙන් පන්දු 223 කදී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් සමඟ ආර්. එම්. කුලතුංග ලකුණු 108 ක් ද, මාතර පිල වෙනුවෙන් පන්දු 117 කදී හතරේ පහර දහතුනක් සහ හයේ පහරක් සමඟ ලසිත් ලක්ෂාන් ලකුණු 111 ක් ද, රැස්කර දුනි.

මෙම තරගය පළමු දිනයේදී ආරම්භ වූයේ දහවල් 12.30 ටය. ඒ, පෙර දින පැවති වර්ෂාව හේතුවෙන් විකට්ටුවේ තිබූ තෙතමනය නිසාය. මෙම ප්‍රමාදය මාතර තෝමසුවනට පූර්ණ ජයග්‍රහණයක් අහිමි කර දුනි.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 8 ලබාගැනීමට දෙවැනි ඉනිමේ එක පන්දු ඕවරයකට හෝ පහර දීමට මාතර පිලට නොහැකි වූයේ කාලය හරස්වීම හේතුවෙනි.

කෝට්ටේ සාන්ත තෝමස් 238 (ඕවර 100.2) - ආර්. වයි. කුලතුංග 108, පී. ජී. ඇම්. රුක්ෂාන් 22, ඒ. ඒ. රාජපක්‍ෂ 21, අශාන් රණසිංහ 80/5, ප්‍රශාන් මනෝහර 45/2 දෙවැනි ඉනිම 92 (ඕවර 44.4) - ජේ. ඩී. ඇම්. ඊබට් 20, අශාන් රණසිංහ 34/5, සිදත් ජයනිදු 16/2, ප්‍රශාන් මනෝහර 22/2

මාතර සාන්ත තෝමස් 323/7 (ඕවර 64) - ලසිත් ලක්ෂාන් 111, අශාන් රණසිංහ 86, හශාන් විමර්ශන 41 නොදැවී, ඉශාන් කණිෂ්ක 39, ඇස්. ඒ. ඩී. කේ. සිල්වා 49/3, ජේ. ඩී. ඒ. ඊබට් 65/2

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා