චින්තක-චාමර විශිෂ්ට පිතිහරඹයක

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්

චින්තක-චාමර විශිෂ්ට පිතිහරඹයක

චින්තක ජයසිංහගේ හා චාමර සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගමාලාවේ ‘ඒ’ කොටස යටතේ එන්. සී. සී. පිල සමඟ පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 6 කට ලකුණු 500 ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූ අතර චින්තක නොදැවී ලකුණු 173 ක් රැස්කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් නායක චාමර සිල්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 158 කි.

දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ලකුණු 302 ක සම්බන්ධතාවක් ගොඩනැඟිණි.

සිය විශිෂ්ට ඉනිම හේතුවෙන් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගැනීමට ද චින්තක සමත් විය. ඔහු මේ වන විට තරග 3 කදී ලකුණු 397 ක් ලබාගෙන තිබේ. ඊට ශතක 2 ක් හා අර්ධ ශතකයක් ඇතුළත්ය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම 500/6 (ඉනිම අත්හිටුවන ලදී) - චින්තක ජයසිංහ නොදැවී 173, චාමර සිල්වා 158, ඩිල්ෂාන් මුණවීර 70

එන්. සී. සී. පළමු ඉනිම 213 - මුදිත ප්‍රනාන්දු 55, (උපුල් ඉන්ද්‍රසිරි 62/5) සහ දෙවැනි ඉනිම 327/6 - චාමර කපුගෙදර 158, යොහාන් ද සිල්වා 124

ගයාන් සිරිසෝම කඩුලු 12 ක් දවාලයි

ගයාන් සිරිසෝම ඉනිම් 2 දීම කඩුලු 6 බැගින් දවාලීමේ හේතුවෙන් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලංකන් ක්‍රීඩා සමාජය සමත් විය.

බදුරලිය පළමු ඉනිම 184 – හෑන්ස් ප්‍රනාන්දු 41 (ගයාන් සිරිසෝම 54/6) සහ දෙවැනි ඉනිම 263 - තිළිණ මාස්මුල්ල 78, සහන් විජේරත්න 75 (ගයාන් සිරිසෝම 87/6)

ලංකන් පළමු ඉනිම 288 - චානක විජේසිංහ 99, දමිත හුණුකුඹුර 78 (අසංක සිල්වා 91/5) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6යි

එස්. එස්. සී. පිලට පළමු ඉනිමේ ජයක්

මුවර්ස් පිල සමඟ මුවර්ස් පිටියේ පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට එස්. එස්. සී. පිල සමත් විය.

එස්. එස්. සී. පළමු ඉනිම 459/9 (ඉනිම අත්හිටුවන ලදී) - තිලාන් සමරවීර 148, දසුන් ශානක 64, ගීත් අල්විස් 57 (ජෙෆ්රි වැන්ඩර්ස් 104/3) සහ දෙවැනි ඉනිම 45/5 - (දිනුක් හෙට්ටිආරච්චි 15/3)

මුවර්ස් පළමු ඉනිම 383 - මුයින් අලි 157 (කෞෂාල් ලොකුආරච්චි 101/3)

රාගමට පළමු ඉනිමේ ජය

රාගම ක්‍රිකට් පිල හා හලාවත මේරියන්ස් පිල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාගම පිල සමත් විය.

රාගම පළමු ඉනිම 495 - ඉයන් ඩැනියෙල් 140, ඉන්දික ද සේරම් 88, නයන ප්‍රනාන්දු 65, උදාර ජයසුන්දර 56 (ජානක ගුණරත්න 73/3)

හලාවත පළමු ඉනිම 207 - ගීත් කුමාර 36, (නිලංක ප්‍රේමරත්න 52/5, සචිත් පතිරණ 56/4) සහ දෙවැනි ඉනිම 180/3 - හර්ෂ කුරේ නොදැවී 51, ගීත් කුමාර 47

ද්‍රවිඩ සංගම් පිලට පළමු ඉනිමේ ජයක්

කෝල්ට්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිල සමත් විය.

කෝල්ට්ස් පළමු ඉනිම 308 - රොෂේන් සිල්වා 84, අක්ෂු ප්‍රනාන්දු 50 (ඉසුරු උදාන 49/3) සහ දෙවැනි ඉනිම 124/4 - අනුක් සිල්වා 37

ද්‍රවිඩ සංගම් පිල 441 - ජීවන්ත කුලතුංග 80, ගයේෂාන් වීරසේකර 85, කිත්රුවන් විතානගේ 69, ඉසුරු උදාන නොදැවී 59 (විරාජ් පුෂ්පකුමාර 138/6)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා