මොරටු විදුහලට කඩුලු 6ක ජයක්

මොරටු විදුහලට කඩුලු 6ක ජයක්

සංචාරක බැංගලෝරයේ ශ්‍රී ස්වාමිනාරායන් ගුරුකුල් අන්තර් ජාතික පාසලත් මොරටු මහා විදුහලත් අතර මොරටුවේ පැවැති වයස අවුරුදු 15 න් පහළ පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේදී මොරටු විදුහල කඩුළු හයක ජයක් වාර්තා කළේය.

පළමුවෙන් පන්දුවට මුහුණ දුන් ගුරුකුල් විදුහල ලකුණු 92 කට දැවී ගිය අතර ප්‍රතාබ් ගව්ඩා ලකුණු 32 ක් වාර්තා කළේය. පසිඳු අංජන ලකුණු නවයකට කඩුළු තුනක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොරටු විදුහල කඩුළු හතරකට ලකුණු 93 ක් ලබාගැනීමට සමත් විය.

ගුරුකුල් විදුහල – 92 (ඕවර 19) ප්‍රතාබ් ගව්ඩා 32, (තිලිණ ලක්ෂාන් 2/19), පසිඳු අංජන 3/9 සනුක මධුශාන් 2/16, සචින් ප්‍රනාන්දු 2/16)

මොරටු විදුහල – 93/4 (ඕවර 18) - චානක ෂෙහාන් 18, ෂනුක මධුශාන් 18

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා