පිරිමි සූරතාව නැගෙනහිරට කාන්තා සූරතාව වයඹට

‘දැයට කිරුළ’ අන්තර් පළාත් වෙරළ කබඩි තරගාවලිය

පිරිමි සූරතාව නැගෙනහිරට කාන්තා සූරතාව වයඹට

ඔයාමඩුව ‘දැයට කිරුළ’ ජාතික ප්‍රදර්ශන භූමියේ දී පවත්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් පළාත් වෙරළ කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව නැගෙනහිර පළාත සහ කාන්තා සූරතාව වයඹ පළාත දිනා ගත්තේය.

‘දැයට කිරුළ’ භූමියේ විශේෂයෙන් සකසන ලද වෙරළ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද එම තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ අනුසූරතාව බස්නාහිර පළාත් කණ්ඩායම් දිනාගත්තේ ය.

‘දැයට කිරුළ’ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම වෙරළ කබඩි තරගාවලියේ මූලික තරග පසුගිය දිනවල රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ‘දැයට කිරුළ’ භූමියේ පිහිටි වෙරළ කබඩි ක්‍රීඩාංගණයේදී පෙරේදා සිදු කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා