සයිඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරැදියි

 සයිඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරැදියි

- අයි.සී.සී

පාකිස්තාන පිටදඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බවත්, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් අයි. සී. සී. නීතිරීතිවලට අනුකූල බවත්, තහවුරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පසුගියදා පියවර ගත්හ.

ආන්දෝලනයකට තුඩු දුන් මේ සිදුවීමට ආසන්නතම හේතුව වූයේ අයි. සී. සී. ය විසින් පන්දු යවන්නන්ට නියම කරනු ලැබූ නියමිත අංශක 15 ට වඩා වැඩිපුර සිය පන්දු යැවීමේ ඉරියව් වෙනස් කිරීමට අයි. සී. සී. යෙන් ඔහුට විශේෂ අවසරයක් ලැබූ බව සඳහන් කිරීමේ හේතුවෙනි. නමුත් මේ පිළිබඳව අයි. සී. සී. ය හා පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කළේ අජ්මාල් එමඟින් අදහස් කරනුයේ ඔහුගේ අත නොව වැලමිට දිගහැරීම පිළිබඳව වන බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා