පොලිස් කොට්ඨාස රගර් ජය විශේෂ කාර්ය බළකායට

පොලිස් කොට්ඨාස රගර් ජය විශේෂ කාර්ය බළකායට

කළුතර පොලිස් විදුහල් රගර් පිල ලකුණු 41 – 0 ක් ලෙස පරාජය කළ විශේෂ කාර්ය බළකා පිල පොලිස් අන්තර් කොට්ඨාස දස සාමාජික රගර් තරගාවලියේ සූරතාව අත්කර ගැනීමට සමත්විය.

පොලිස් ක්‍රීඩා කොට්ඨාසය මගින් සංවිධාන කරනු ලැබූ මේ රගර් තරගාවලිය කොට්ඨාස 37 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර උතුරු නැගෙනහිර පොලිස් කොට්ඨාසවලින් ද මෙවර කණ්ඩායම් ඉදිරිපත් වී තිබීම විශේෂ සිදුවීමක් විය. කුරුණෑගල මලියදේව ක්‍රීඩා පිටියේදී මේ තරග පැවැත්විණි.

කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැති මෙවර තරගාවලියේ පළඟ සූරතාව අගමැති ආරක්ෂක පිලටත්, බඳුන සූරතාව කළුතර කොට්ඨාසයටත් පළිහ සූරතාව පුත්තලම් කොට්ඨාසයටත් හිමිවිය. මෙවර තරගාවලිය පොලිස් රගර් සමාජයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විශේෂ ආරාධිතයන් ලෙස වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි එම්. එන්. ලින්ටන් සහ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ධර්මකීර්ති යන මහත්වරුන් සහභාගී වූහ.

 සූරතාව දිනු විශේෂ කාර්ය බළකා කණ්ඩායම

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා