සූරයෝ-ගුවන් හමුදාව සූරියෝ-වරාය අධිකාරිය

“දැයට කිරුළ” බීච් වොලිබෝල්

සූරයෝ-ගුවන් හමුදාව සූරියෝ-වරාය අධිකාරිය

”දැයට කිරුළ” බීච් වොලිබෝල් තරගමාලාවේ පිරිමි සූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්, කාන්තා සූරතාව ශ්‍රී ලංකා වරාය අධිකාරියත් දිනා ගත්හ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය “දැයට කිරුළ” ප්‍රදර්ශන කමිටුවේ අනුග්‍රහයෙන් අනුරාධපුර ඔයාමඩුව “දැයට කිරුළ” ප්‍රදර්ශන භූමියේ දී පවත්වනු ලැබූ බීච් වොලිබෝල් පිරිමි සහ කාන්තා තරගමාලාවේ අවසන් තරග “දැයට කිරුළ” ප්‍රදර්ශන කමිටු සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරගාවලියේ අවසන් තරගවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා තරග වට 2 – 0 කින් පරාජය කරමින් පිරිමි සූරතාව ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තක්‍ෂිලා නිරංජලි සහ වාසනා සඳමාලි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා ගුණවර්ධන සහ නිරංජලා ගුණසිංහ පරාජය කරමින් කාන්තා සූරතාව ද දිනා ගනු ලැබූහ.

’දැයට කිරුළ” බීච් වොලිබෝල් තරගමාලාවේ විශේෂ සිදුවීම වන්නේ දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම සහ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගමාලාවේ ලෝකඩ පදක්කම හිමිකර ගත් සම්පත් පීරිස් සහ පුබුදු ඒකනායකගෙන් සැදුම්ලත් කණ්ඩායම ප්‍රථම වටයේදීම අසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා විසින් පරාජය කිරීම හා අවසන් තරගයේ දී දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සහ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගමාලාවේ ලෝකඩ පදක්කම දිනූ සහ 2010 ආසියානු බීච් වොලිබෝල් තරග මාලාවේ රිදී පදක්කම ලබාගත් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල යන ක්‍රීඩකයින් අසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා විසින් පරාජය කර බීච් වොලිබෝල් සූරතාව හිමිකර ගැනීමයි.

පිරිමි තරගමාලාවේ තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගයාන් දිල්රුක් සහ දිමුතු ක්‍රිෂාන්ත යන ක්‍රීඩකයින් විසින් හිමිකර ගත් අතර, කාන්තා සූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරි ගුණසිංහ සහ සංජීවනී නිලක්ෂිකා යන කී‍්‍රඩිකාවන් විසින් හිමිකර ගන්නා ලදී. ජයග්‍රාහකයින් සඳහා පිළිවෙළින් රු. 50,000, රු. 30,000 හා රු. 20,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා