ඊශ්‍රායලය ළඟදීම ඉරානය සමඟ යුද වදීද ?

ඊශ්‍රායලය ළඟදීම ඉරානය සමඟ යුද වදීද ?

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද වදිනනේ ද යන්න පිළිබඳව සළකා බලමින් සිටින බව යුද විශේෂඥයෝ ප්‍රකාශ කරති . කෙසේ චෙතත් ඉරානයේ න්‍යෂෟටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව ‍ෙමතෙක් නිශ්චිත තීරණයකට එළඹ නැතැයි සඳහන්ය .

ඊශ්‍රායල බලධාරීන් මෑතදී කර ඇති ඇතැම් ප්‍රකාශ සහ ජාත්‍යන්තර පුවත් පත්වල පළවී ඇති ප්‍රවෘත්ති නිසාත් ඊශ්‍රායලය ඉරනයට ළඟදීම ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි පසුගිය සති කිහිපය තුළ ප්‍රබල රාවයක් පැතිරිණි.  බොහෝ ජාත්‍යන්තර රටවල් මෙන්ම ඊශ්‍රායලය ද ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ න්‍යෂ්ටික ආවුද නිපදවීමේ අරමුණ ඇතිව සිදුකරන්නක් බවට චෝදනා කරති . එහෙත් ඉරානය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි .

ඊහ්‍රායලය ඉරානයට එරෙහිව වහසි බස් දොඩන්නේ ජත්‍යන්තර ප්‍රජාව ඉරානයට එරෙහි ක්‍රියාමාර්ගාකට යොමු කරවා ගැනිමට බවට විශ්වාස කෙරේ . නිශ්චිත අරමුණකින් තොරව වහසි බස් නොදොඩන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා