පාකිස්තාන අගමැති කටාරය සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා අරඹයි

පාකිස්තාන අගමැති කටාරය සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා අරඹයි

ඇෆ්ගන් සාම ප්‍රයත්නය කෙරෙහි දැඩි අවධානය යොමුකිරීම අරමුණු කරගත් පාකිස්තාන අගමැති යූසුෆ රාසා ගිලානි ගේ කටාර් සංචාරයේ දෙවනි දිනය වූ පෙරේදා කටාර්හි එමීර් ෂීක් හමඩ් බින් කලීෆා හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඔහු පෙළඹී තිබිණ. නිල නිවේදනයන් මගින් දැක්වෙන්නේ ඔහුගේ තෙදින සංචාරයේ දී දෙරටේ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවය.

තෙල් සම්පතින් පොහොසත් මේ ගල්ෆ් රාජ්‍ය ඇෆ්ගන් සාම සාකච්ඡා සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක නියැලී ඇති අතර තලේබාන් හා එක්සත්ජනපද නියෝජිතයන් සමඟ මූලික සාකච්ඡා පැවැත්වීමේ සත්කාරකත්වයද ලබා දී තිබිණ. පාකිස්තානය පවසන්නේ මේ දස අවුරුදු ඇෆ්ගන් යුද්ධය නිම කිරීමෙහි ලා ඇෆ්ගන් -පාකිස්තාන සබඳතා බෙහෙවින් වැදගත්වන බවය.

ගිලානි ගේ කටාර් සංචාරය පාකිස්තානය හා කටාර් අතර වෙළෙඳ සබඳතා තහවුරු වීමට උපකාරී වනු ඇති බව පාකිස්තාන බලධාරීන්ගේ අපේක්ෂාව වී තිබේ. එහෙත් අගමැතිවරයා මූලික වශයෙන් ඇෆ්ගන් ප්‍රතිසංධානය ක්‍රියාවලි ය සම්බන්ධයෙන් අවධානය යොමනු ඇති බව පැවසී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා