ඉන්දීය උත්තර ප්‍රදේශ් මැතිවරණයේ දී රාහුල්ට මායාවතීගෙන් කරට කර සටනක්

ඉන්දීය උත්තර ප්‍රදේශ් මැතිවරණයේ දී රාහුල්ට මායාවතීගෙන් කරට කර සටනක්

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ උත්තර ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණය ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබිණි. එහිදී ඉන්දයාවේ ගාන්ධි පරපුර දේශිය අඩු කුලයේ යැයි සැලකෙන ප්‍රධාන ඇමතිනී මායාවතී ගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂය සමඟ කරට තර තරඟ වදිනු ඇත.

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්ත මැතිවරණය ඊයේ පැවැත්විණ.මේ එහි ඡන්ද මධ්‍යස්තානයක ඡන්ද දායකයන් පෝලිම් ගැසී සි‍ටි අයුරු.

කොංග්‍රස් පක්ෂයේ මැතිවරණ සටන මෙහෙයවන ලද්දේ නිදහස ලැබීමෙන් පසුව ඉන්දීය දේශපාලන කරලියේ ප්‍රමුඛ ස්ථානයට පත්වූ ගාන්ධි පවුලට අයත් රහුල් ගාන්ධි යි. ඉන්දීය දේශපාලනයේ අතිශය වැදගත් ලෙස සැළකෙන උත්තර ප්‍රදේශ ප්‍රාන්ත මැතිවරණය ඉන්දියාවේ ජාතික නායකයා වනු ඇතැයි අනාවැකි පළවී ඇති රහුල් ගාන්ධිගේ දේශපාලන අනාගතයට බෙහෙවින්ම වැදගත් වන බව දේශපාලන විෂ්ලේශකයන්ගේ මතයයි.

කොංග්‍රස් පක්ෂයට වසර 22 ක් පුරා උත්තර ප්‍රාන්තයේ දේශපාලන බලය අත්පත්කර ගැනීමට නොහැකි වී තිබෙ . 2007 මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂය උත්තර ප්‍රදේශයේ දී අන්ත පරාජයට පත් විය. බදාදා මැතිවරණයේ දී මිග්‍රලියන 17කට වැඩි සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත විය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා