සී අයි ඒ ක්‍රියාකාරී සාමාජිකයකුගේ ක්‍රියාකලාපය කියුබාව හෙළා දකී

සී අයි ඒ ක්‍රියාකාරී සාමාජිකයකුගේ ක්‍රියාකලාපය කියුබාව හෙළා දකී

දසක ගණනාවක් පුරා කියුබාවේ කොමියුනිස්ට් පාලනය දෝෂ දර්ශනයට ලක් කළාවූත් මාර්තුවේ දී එරටට පැමිණිමට නියමිත පාප් වහන්සේගේ ගමනට විරෝධය දක්වවන්නා වූත් කියුබානු සම්භවයක් ඇති හිටපු සී අයි ඒ ක්‍රියාකාරී සමාජිකයකුගේ ක්‍රියාකලාපය රජයට හිතවත් වෙබ් අඩවියක් පෙරේදා විවේචනයට ලක්කර තිබේ.

ත්‍රස්තවාදියෙක් වශයෙන් නම්කර ඇති ලුවිස් පොසෝඩා කාර්ලිස් නැමැති මොහු කියුබාවට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණ කරන බවට එම වෙබ් අඩවිය කියයි. කියුබාවේ වෙරළබඩ ප්‍රදේශයේ තෙල් අට්ටාලවලට පහර දීමට මොහු සැලසුම් කරන බව එමඟින් අනාවරණය කර ඇත.

කියුබානු ආර්ථිකය කෙරේ බලශක්ති සැපයුම අතිශය වැදගත්ය. කියුබාව සිය බලශක්ති සැපයුම වෙනුවෙන් දැන් වඩාත්ම රැඳී සිටින්ණේ වෙනිසුවෙලාව කෙරේයී. මාර්තු 26 -28 දිනට නියමිත 16 වැනි බෙනඩික්ට් පාප්තුමාගේ සංචාරයටද ඔහු සහ ඔහුගේ සගයන් විරෝධය දැක් වීමට සැලසුම්තර ඇති බවත් එම වෙබ් අඩවිය තවදුරටත් අනාවරණය කරයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා