පිලිපීනයේ නායයාම්වලින් 92ක් අතුරුදන්

පිලිපීනයේ නායයාම්වලින් 92ක් අතුරුදන්

භූමිකම්පාවට ගොදුරු වූ පිලිපීනයේ නායයාම්වලින් වැලලී ගිය ගම්මාන රැසක සෙබළුන් දහස් ගණනක් ගැලවුම් කටයුතු වල යෙදී සිටින නමුදු මෙතෙක් අතුරුදන්ව සිටින 92 නෙකු පමණ පණපිටින් සොයා ගත නොහැකිවනු ඇතැයි බිය පලව තිබේ.

6.7 ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූමිකම්පාවෙන් නිවාස රාශියක් පොළවට සමතලා වූ අතර පාලම් හා මහාමාර්ග විනාශවෙමින් නායයාම් රාශියක් ද ඇතිව තිබිණ.ගැලවුම් සේවකයන්ට මේ දක්වාම සුන්බුන් අතරින් ජීවත්වන කිසිවකු සොයා ගැන්මට නොහැකිව ඇත. භූම්කම්පාවට ගොදුරුවූ නෙග්‍රොස් හි 48දෙනකු මියගොස් 92නෙකු අතුරු දන්ව සි‍ටින බව ගණන් බලා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා