නයිජීරියාවේ කඩූනා නගරයට බෝම්බ ප්‍රහාරයක්

නයිජීරියාවේ කඩූනා නගරයට බෝම්බ ප්‍රහාරයක්

උතුරු නයිජීරියාවේ කඩූනා නගරයේ දී හමුදා කඳවුරක්,පාලමක් සහ ගුවන් කඳවුරක් ඉලක්ක කර අඟහරුවාදා එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවකින් එම ප්‍රදේශය ගිගුම් දුන් බව සඳහන්. මෙම ප්‍රහාරවල වගකීම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන බොකෝ හරාම් සංවිධානය බාරගෙන ඇතැයි එරට බලධාරිහු පවසති .

හමුදා කඳවුරට ප්‍රහාරය එල්ලකර ඇත්තේ හමුදා ඇඳුමින් සැරසුන මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසිනි . කෙසේවෙතත් ගොඩනැඟිලි පරිශ්‍රයට ඇතුල්වීමට පෙර හමුදා භටයන් බෝම්බකරැට වෙඩි තබා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා