බ්‍රසීලයේ බාහියාහි පොලිස් වර්ජනය දිගටම

බ්‍රසීලයේ බාහියාහි පොලිස් වර්ජනය දිගටම

බ්‍රසීලයේ බාහියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවට අරක්ගෙන සිටින වර්ජක පොලීස් පිරිස පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් පතා දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා කිසිඳු එකඟතාවකින් තොරව පරේදා අවසන් වී ඇත්තේ දෙපාර්ශවයම අර්බුදය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීම නිසාය. මේ ප්‍රශ්නයට දැන් සතියක් ඉකුත්ව තිබේ.

බ්‍රසීලයේ තෙවැනි විශාලම නගරයේ ඇතිව තිබෙන ‍මේ අර්බුදයේ දී සන්නද්ධ පොලිස් භටයන් 200ක් පමණ වර්ජනයේ නියුතුව සිටින අතර එහෙයින්ම නගරයේ අපරාධ සංඛ්‍යාවද ඉහළ යමින් මිනීමැරුම් 100ක් පමණ සිදුව තිබේ. මේනිසා මධ්‍ය පාලනයට ප්‍රාන්ත හමුදාවේ සහායට රජයේ හමුදා බල ඇණි පවා යැවීමට සිදුව ඇත. සැල්වදෝරයේ සුප්‍රසිද්ධ කානිවල් උත්සවයට දෙසතියක් තිබිය දී ඇරඹුණු මේ අර්බුදයට මුහුණ දී ඇති නගරය 2014 ලෝක කුසලාන තරග පවත්වන තරග බිමක්ද වන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා