වයඹ සුරාබදු වැටලීම්වලින් ගිය වසරේ කෝටියකට අධික ආදායමක්

වයඹ සුරාබදු වැටලීම්වලින් ගිය වසරේ කෝටියකට අධික ආදායමක්

වයඹ පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය 2011 වර්ෂයේ දී කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දී ඇත. 2009 වසරේ දී වැටලීම් 782 ද, 2010 වසරේදී වැටලීම් 901 සිදු කළ අතර 2011 වසරේ දී වැටලීම් 1128 දක්වා වර්ධනය කර තිබුණි.

නීති විරෝධී මත් පැන් පෙරීම, ස්පී‍්‍රතු ළඟ තබා ගැනීම, විකිණීම්, රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව විකිණීම හා ළඟ තබා ගැනීම් ආදි වැරදිවලට චූදිතයින් 1128 කු ද අත්අඩංගුවට ගෙන තිබුණි. 2011 වසරේ දී නීති විරෝධිව පෙරන ලද මත්පැන් ස්පී‍්‍රතු මිලි ලීටර් හතළිස් ලක්ෂයක්ද, ගෝඩා මිලිලීටර් ලක්ෂයක් ද අධිකරණ වලට ඉදිරිපත් කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් මත මෙම වැඩලීම සිදු කැරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා