හෙරොයින් සමඟ සැකකරුවකු නුගේගොඩ දී අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවකු නුගේගොඩ දී අත්අඩංගුවට

මිලිග්‍රෑම් 470ක් සන්තකයේ
වැටලීම මිරිහාන පොලිසියෙන්

දිනපතා හෙරොයින් පානය කිරීමට පුරුදුව සිටි පුද්ගලයකු පසුපස හඹා ගිය මිරිහාන පොලිසියේ දූෂණ මර්දන අංශය ඔහු සතුව තිබූ හෙරොයින් මි. ග්‍රෑම් 470 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පිරිස මේ පුද්ගලයා පසු පස එලවාගෙන එද්දී පාරේ මග රැක සිටි කාන්තා පොලිස් කොස්තාපල් අනෝමා (6955) ඔහු අල්ලාගෙන තිබේ.

නුගේගොඩ – නාවල පාරේ වැලිපාර අසල දී සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබූ හෙරොයින් සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති, පොලිස් උප පරීක්ෂක ප්‍රේමසිරි මහතා සමඟ පොලිස් කොස්තාපල් වික්‍රමසිංහ (70454), සම්පත් (81611), සෙනවිරත්න (74271) හා කාන්තා පොලිස් කොස්තාපල් අනෝමා (6955) යන අය මීට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා