කොන්ක්‍රීට් ස්ථරවලට මුක්කු සඳහා ලක්‍ෂ ගණන් දැව පැළ කපලා

කොන්ක්‍රීට් ස්ථරවලට මුක්කු සඳහා ලක්‍ෂ ගණන් දැව පැළ කපලා

සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, පන්සල්, පල්ලි, කෝවිල් ආදී සෑම ආයතනයක මෙහෙයවීමෙන් ලක්‍ෂ ගණන් පැළ රෝපණය කරන විට තවත් පිරිසක් කොන්ක්‍රීට් ස්ථර දැමීමට මුක්කු සඳහා ලක්‍ෂ ගණනක් ගස් කපා විකිණීමට තිබෙන අයුරු ලී මඩු ආශ්‍රිතව දැකිය හැක.

(කොන්ක්‍රීට් මුක්කු සඳහා ඕනෑතරම් යකඩ කණු ලබාගැනීමට ඇතත්) ඡායාරූපයේ පෙනෙන ආකාරයට තරමක් වැඩුන පැළ ලක්‍ෂ ගණනින් කපා විකිණීම වන වගා ව්‍යාපෘතිවල කාර්ය අපතේ යන්නක් බව මධ්‍යම පළාතේ බලධාරීන්ගේ අවධානයට යොමු වෙත්වා.

මහනුවර පොල්ගොල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථානයක ගොඩ ගසා ඇති දැව තොගයකි මේ. ඡායාරූපය අම්පිටිය සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා