දෙණියාය උග්ගල්පොත්ත ගම්මානයට පොදු පහසුකම් නෑ

දෙණියාය උග්ගල්පොත්ත ගම්මානයට පොදු පහසුකම් නෑ

ගමනා ගමන ඇතුළු පොදු පහසුකම් අහිමිව උග්ගල්පොත්ත කඳුකර ගම්මානයේ ජනතාව අසීරුතාවයට පත්ව සිටිති. මෙම ප්‍රදේශය පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 258 බී, අලපලාදෙණිය දකුණ ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. මෙහි ජීවත්වන පවුල් සංඛ්‍යාව 30ක් පමණ වේ. මෙම ඉඩම්වල පදිංචි වී අවුරුදු තිස් පහකට වැඩියයි ඔවුහු කියති.

වගාකර ජීවත්වෙනවා මිස පදිංචි ඉඩමේ අයිතියක් ඔවුන්ට නැත. කඳුකර ප්‍රදේශයට පිවිසීමට අඩි පාරක් ඇත. අලපලාදෙණිය මහ විදුහලට යන පාසල් දරුවෝ සැතපුම් 2 කට වැඩි දුරක් පා ගමනින් යති.  මෙම කඳු මුදුනට නළ මගින් ජලය ලබාදීමද අසීරුය. ටික දෙනෙකු වැසි ජල ටැංකි පාවිච්චි කරති. වැඩිදෙනෙකු ජලය ගෙන යන්නේ කඳු පාමුල ඇති කුඩා භූගත ළිං වලිනි.

මගුලක්, අවමගුලක් හෝ වෙනත් වැදගත් අවස්ථාවක දී ඔවුන්ට අවශ්‍ය ජලය ලබාගැනීම අසීරු කරුණක් වී ඇත. උග්ගල්පොත්තට පිවිසෙන මාර්ගය සකස් කරදී ජල පහසුකම් ලබාදීමට රජයේ අවධානය යොමු කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා