ජාතික කණිෂ්ඨ මේසපන්දු ත්‍රිත්ව සූරතා චමීරට

ජාතික කණිෂ්ඨ මේසපන්දු ත්‍රිත්ව සූරතා චමීරට

ජාතික කණිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින් ත්‍රිත්ව සූරතා දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ චමීර ගිනිගේ සමත් විය.

අවුරුදු 18 න් පහළ කේවල සූරතාව අවරුදු 18 න් පහළ බාලක යුගල සූරතාව (සමන්ත උදාංජන සමග) සහ අවුරුදු 18 න් පහළ මිශ්‍ර යුගල සූරතාව (පවනි නවෝද්‍යා සමග) දිනාගනිමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

පසුගියදා මහනුවර ජගත් රාජපක්ෂ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මේ තරගාවලිය පැවැත්විණි.

චමීර 2010 – 2011 වසරවල ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර මේ වන විට විවෘත කේවල ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ පසු වේ.

2010 – 2011 ශ්‍රේණිගත කිරීම්වලට අනුව 18 න් පහළ අංක 1 ක්‍රීඩකයා වන්නේද චමීර ගිනිගේ ය.

2011 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ 2009 වර්ෂයේ ජාතික සූරයා බවට පත් වූ චමීර සූරතා රැසක්ම දිනා ඇත.

2010 වසරේදී ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගි වූ චමීර රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

2011 වසරේදී ඉන්දියාවේ පැවැති ලෝක කණිෂ්ඨ මේසපන්දු තරගාවලිය නියෝජනය කරමින් එම තරගාවලියේ පස් වැනි ස්ථානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා