මෝටර් රථ ධාවන සූරයන් 17ක් ‘සියැට්’ සමඟ ගිවිසුමකට

මෝටර් රථ ධාවන සූරයන් 17ක් ‘සියැට්’ සමඟ ගිවිසුමකට

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවන ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් (SLAS)  ආයතනය සහ සියැට් සමාගම අතර පසුගියදා අත්සන් කළ ගිවිසුමට අනුව මෙරට ප්‍රමුඛතම මෝටර් රථ ධාවන සූරයන් 17 දෙනකුට සියැට් අනුග්‍රාහකත්වය හිමි වී තිබේ.

මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් ආයතනය විසින් නම් කරනු ලබන තාර සහිත ධාවන පථ තරග 4 ක්, කඳු සහිත ධාවන පථ තරග 3 ක් සහ සාමාන්‍ය ධාවන පථ තරග 3 ක් වශයෙන් තරගාවලි 10 ක් සඳහා ෆෝර්ඩ් ලේසර් සහ මැස්ඩා අශ්වබල 1300 සහ 1500 කාණ්ඩ යටතේ තරග කොට සූරතා ලකුණු හිමිකර ගත හැකිවන්නේ සියැට් ටයර් භාවිත කරන තරගකරුවන්ට පමණි.

සියැට් සහ ‘ස්ලාස්’ ආයතනය විසින් ආවරණය කරනු ලබන තරග 10 අතරට රදැල්, හිල් ක්ලයම්බ්, මහස්ගස්තොට හිල් ක්ලයිම්බ්, එළියකන්ද හිල් ක්ලයිම්බ්, මහනුවර රාත්‍රී තරගය, කොළඹ රාත්‍රී තරගය නුවරඑළිය ධාවන පථ තරගය, කටුකුරුන්ද රොදර්හැම් තරගාවලිය සහ පන්නල තාර සහිත ධාවන පථයේ තරගාවලි 3 ක් ඇතුළත්ය.

සියැට් ආයතනය සමඟ ගිවිසුමට එළැඹි ක්‍රීඩකයන් වන්නේ ලුතිනන් කර්නල් දුමින්ද ජයසිංහ, උපුල්වන් සේරසිංහ, සුසන්ත ගුණවර්ධන, රොෂාන් දසනායක, ධම්මික පීරිස්, ශාන්ත ප්‍රියංකර, චමින්ද වීරසූරිය, මොහාන් පෙරේරා, ලක්මිණි නාරද, රන්දික නිරෝෂන්, රොමේෂ් ගුණවර්ධන, ඉර්ෆාන් ෆවාඩ්, ජනිත් කුමාරගේ, ප්‍රසන්න ඩි අල්විස්, රොහාන් ප්‍රනාන්දු, භාතිය අබේගුණවර්ධන සහ ආලෝක වෙත්තසිංහ ය.

සියැට් ආයතනය සමඟ ගිවිසුමට එළැඹි ධාවන සූරයින්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා