ශ්‍රී ලංකා සංචාරයෙන් මෝගන් ඉවතට

ශ්‍රී ලංකා සංචාරයෙන් මෝගන් ඉවතට

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය සඳහා නම් කළ සංචිතයෙන් පිතිකරු ඔයින් මෝගන් ඉවත් කර ඇත.

පසුගියදා නිමාවට පත්වූ පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගමාලාවේදී අසාර්ථක වූ බැවින් ඔහු මෙසේ ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත දමා ඇත. මෝගන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සමිට් පටේල් හෝ රවී බෝපරා මැදපෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. මේ අතර ආබාධයකට ලක්වී සිටි වේගපන්දු යවන ක්‍රීඩක ටිම් බ්‍රෙස්නන් ශ්‍රී ලංකා සංචාරයට කැඳවා තිබේ. ඇන්ඩෲ ස්ට්‍රාවුස්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායම මාර්තු 10 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.

එංගලන්ත සංචිතය

ඇන්ඩෲ ස්ට්‍රාවුස් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බෝපරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ඇලිස්ටෙයාර් කුක්, ස්ටීවන් ඩේවිස්, ස්ටීවන් ෆින්, මොන්ටි පනීසර්, සමිට් පටේල්, කෙවින් පීටර්සන්, මැට් ප්‍රියර්, ග්‍රෙහැම් ස්වාන්, ජේම්ස් ට්‍රෙඩ්වෙල්, ජොනතන් ට්‍රොට්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා