නවලෝක සික්සර්ස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

නවලෝක සික්සර්ස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

නවලෝක ක්‍රීඩාංගණ ක්‍රිකට් සමාජය විසින් සංවිධානය කරනු ලබන ‘නවලෝක සික්සර්ස්’ සමස්ත ලංකා සය සාමාජික ක්‍රිකට් සූරතාවලිය මේ මස 25 වැනිදා වැලිසර නවලෝ්ක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට කුසලාන සමඟ මුදලින් රුපියල් 30,000ක්ද, අනුසූරයන්ට කුසලාන සමග රුපියල් 20,000ක්ද පිරිනැමෙන මේ සූරතාවලියට ඉදිරිපත් වන කණ්ඩායම් මේ මස 10 වැනිදාට පෙර තම අයැදුම්පත එවන මෙන් සංවිධායකයන් ඉල්ලා සිටිති.

වැඩි විස්තර සඳහා 0773475450 හෝ 0715105028 දුරකතන අංක අමතන ලෙසත් සංවිධායකයන් දන්වා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා