ආසියානු කුසලාන තරගාවලියට සෙවාග් නෑ

ආසියානු කුසලාන තරගාවලියට සෙවාග් නෑ

ලබන මස බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දියා කණ්ඩායමෙන් විරේන්ද්‍ර සෙවාග් විවේක ගන්වා ඇති අතර විරාට් කෝලි උප නායකත්වයට පත්කොට තිබේ.

සචින් ටෙන්ඩුල්කාර් තරගාවලිය සඳහා තෝරා ගෙන ඇති අතර තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක යූසුෆ් පතන් හා වේග පන්දු යවන අශෝක් ඩින්ඩා යළි කැඳවා තිබේ.

සහීර් ඛාන් හා උමේෂ් යාදව් යන වේග පන්දු යවන්නන්ද විවේක ගන්වා ඇත.

කණ්ඩායමට ඇතුළු වීමේ දොරටුවේ සිටින ක්‍රීඩකයන් අතුරින් ඉන්දියාව පිතිකරු මනෝජ් ටිවාරි හා පා දඟ පන්දු යවන රාහුල් ෂර්මා කණ්ඩායමේ රඳවා ගෙන ඇත. එහෙත් අතිරේක කඩුලු රකින්නා වන පර්තිව් පටල් කණ්ඩායමෙන් ඉවත් කොට තිබේ.

ආසියානු කුසලාන සූරයන්ව සිටින්නේ ඉන්දියාවයි. තරගාවලිය මාර්තු 11 සිට 22 දක්වා මිර්පූර්හි පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්තානයද ඊට සහභාගි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා