උතුරෙන් පැමිණි ශිෂ්‍ය භටයෝ අද රන් ටැඹේදී විසිර යති

උතුරෙන් පැමිණි ශිෂ්‍ය භටයෝ අද රන් ටැඹේදී විසිර යති

දකුණුලක ශිෂ්‍ය සහෝදර සහෝදරියන් සමඟ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු කඳවුරක පුහුණුව ලැබීමේ උතුරේ දරුවන්ගේ සිත්වල දිගු කාලයක් තිස්සේ පැවැති සිහිනය මල්ඵල ගැන් වී ඇත. ඒ අනුව යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක දෙකේ පාසැල් 25 කට අයත් තෝරාගත් ශිෂ්‍යභට සිසුන් 600 දෙනෙකුට මේ දිනවල රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබීමට අවස්ථාව උදා වී තිබේ.

කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමත් සමඟ උදා වූ සාමකාමී පරිසරය උතුරේ දරුවනට මේ සිහින ඉටු කරගැනීමට මඟ පෑදූ බව අමුතුවෙන් කිව යුත්තක් ද නොවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත උතුරේ පාසල් සිසුන්ට විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස ශිෂ්‍ය භට පුහුණුව ලැබීමට අවස්ථාව උදා වූ බව ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ජී.පී. ඩබ්ලිව්. ජයසුන්දර මහතා “දිනමිණ” ට ප්‍රකාශ කෙළේ ය.

මේ අනුව යාපනය, කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක තුනක ශිෂ්‍ය භටයෝ 1300 දෙනෙක් පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (14) විසිර යති. රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට පුහුණු කඳවුරේදී අද පෙරවරුවේදී මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙළපාලිය පැවැත්වේ. යාපනයේ ශිෂ්‍ය භටයන් මෙලෙස විසිර යාමේ පෙළපාලියකට සම්බන්ධ වන්නේ වසර 30 කට පසුව වීම විශේෂත්වයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා