ඒ.වී.අයි. වෙළෙඳ සේවා ආධුනික බැඩ්මින්ටන් සූරතාවලිය හෙට ඇරැඹේ

ඒ.වී.අයි. වෙළෙඳ සේවා ආධුනික බැඩ්මින්ටන් සූරතාවලිය හෙට ඇරැඹේ

වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන 29 වැනි ඒ.වී.අයි. ආධුනික බැඩ්මින්ටන් සූරතාවලිය හෙට (21) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ඇරැඹේ.

25 වැනිදා දක්වා දින 5 ක් පුරා පැවැත්වෙන මේ සූරතාවලියට පිරිමි කේවල/යුගල, කාන්තා කේවල/යුගල, මිශ්‍ර යුගල, අවුරුදු 40 න් ඉහළ පිරිමි කේවල/යුගල අවුරුදු 35 න් ඉහළ කාන්තා කේවල/යුගල සහ අවුරුදු 50න් ඉහළ ප්‍රවීණයන්ගේ කේවල/යුගල යන තරග ඉසව් ඇතුළත්ය.

ආයතන 46ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 306ක් සහ ක්‍රීඩිකාවන් 46 දෙනකු තරග ඉසව් 407කට මෙහිදී සහභාගි වෙති. ඩී.එස්.අයි. ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ සූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඩී.එස්.අයි. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් නුගලියද්ද සහ එම ආයතනයේ සාමාන්‍යාධිකාරි (අලෙවි හා වෙළෙඳ) රොහාන් සෝමවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා