සා. සිල්වෙස්තර- විද්‍යාර්ථ ජය පැරදුමක් නෑ

සා. සිල්වෙස්තර- විද්‍යාර්ථ ජය පැරදුමක් නෑ

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති 54 වැනි මහනුවර සාන්ත සිල්වෙස්තර – විද්‍යාර්ථ විදුහල් මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ පළමු ඉනිමේ ජය සාන්ත සිල්වෙස්තර විදුහලට හිමිවිනි. මෙම තරගයේ දී සාන්ත සිල්වෙස්තර විදුහලේ නිමේෂ මෙන්ඩිස් ලකුණු 38ට කඩුලු 6ක් ලබා ගත්තේය.

සාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම ඕවර් 70 කදී කඩුඩු 9කට ලකුණු 250 යි.

සුනිල් සමරනන්ද 70,වරුණ විජේසිංහ 48, හර්ෂ මදුෂාන් 44 (ඉසුරු වීරසිංහ 69ට 4, හේෂාන් ගමගේ 49ට 3)

විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම ඕවර් 53.2 කදී සියල්ලන්ම දැවී 142යි.

රුවන් බණ්ඩාර 24, රවීන්ද්‍ර දිසානායක 45, කේෂාන් ගමගේ 37 (නිමේෂ මෙන්දිස් 38ට 6, වරුණ විජේසිංහ 39ට 2)

විද්‍යාර්ථ විදුහල දෙවැනි ඉනිම ඕවර් 54 කදී කඩුලු 4 කට ලකුණු 134යි.

තිළිණ රූපසේන 64, කේෂාන් ගමගේ නොදැවී 41 (සුමේද දිසානායක 20ට 2)

දෙවැනි ඉනිමේදී විද්‍යාර්ථ විදුහල එක් අවස්ථාවක කඩුලු 3ට ලකුණු 22ක්ව තිබිණි. තිළිණ රූපසේන සහ කේෂාන් ගමගේ එක්ව විද්‍යාර්ථ විදුහල පරාජයෙන් බේරා ගැනීමට සමත් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා