ආසියානු ක්‍රිකට් තරග පාවාදීම් සෙවීමට විශේෂ මෙහෙයුමක්

ආසියානු ක්‍රිකට් තරග පාවාදීම් සෙවීමට විශේෂ මෙහෙයුමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට පැමින සිටින බොලිවුඩ් සුපිරි තරු ක්‍රිකට් ක්‍රීඩකයන් සමග පවත්වන සබදතා හා කථාබහ සෙවීමට බංග්ලාදේශ රහස් ඔත්තු සේවා ක්‍රියාතමක වේ. එයට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇත.

බොලිවුඩ් නළු නිලියන් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග මධුර කතාවෙන් කුළුපගවී ක්‍රිකට් තරග පාවාදීමේ ජාවාරමක නිරතවන බවට පැතිරයන ප්‍රචාර දිනෙන් දින වැඩිවන හෙයින් මේ විශේෂ වැඩපිළිවෙල ක්‍රියාතමක කෙරේ.

විශේෂයෙන්ම පෙරේදා නිමාවූ ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරගයේදී තරග පාවාදීම් සිදුවන්නේ යැයි බංග්ලාදේශ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණු හෙයින් විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාතමක වී තිබුණි. ක්‍රීඩකයන් නැවැතී සිටි හෝටල් වලට කිසිදු පිටස්තර මිතුරෙකු හෝ මිතුරියක කැදවීමට විශේෂ අවසරයක් ගත යුතුව තිබුණි.

පසුගියදා නිමාවූ බී.පී.එල් තරගාවලියේදී තරග පවාදීම්වලට සම්බන්ධ අයෙකු බංග්ලාදේශ් පොලිස් අත්අඩංගුවට පත්ව සිටී. මේ අතර ති ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තරගයට අදාලව සූදුවල නිරතවූ පුද්ගලයන්ට අයිති ජංගම දුරකථන 15ක් මුම්බායිහී අල්හසන්ගර්හීදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා