ජිනීවා ආවරණයට ගිය මාධ්‍ය කණ්ඩායමට සුනන්දගෙන් පැමිණිල්ලක්

ජිනීවා ආවරණයට ගිය මාධ්‍ය කණ්ඩායමට සුනන්දගෙන් පැමිණිල්ලක්

ජිනීවා සමුළුව වාර්තා කිරීමට ගිය මාධ්‍ය කණ්ඩායමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනන්ද දේශප්‍රිය මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේට පැමිණිල්ලක් කර ඇත.

තමා ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල කටයුතුවලට ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම බාධා කළේ යැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. සුනන්ද දේශප්‍රිය ඇතුළු දේශද්‍රෝහි කොටි හිතවාදී මාධ්‍ය කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවට කරුණු ඉදිරිපත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන 47 කච ජිනීවාවලට පැමිණ තිබිණි.

සුනන්ද දේශප්‍රිය සමුළුවේදී අසුන්ගෙන සිටියේද ජාත්‍යන්තර කොටි නායකයකු වූ සුරේන්ද්‍රන් නැමැත්තා සමඟය. ජිනීවා සමුළුවේදී මෙරටට එරෙහිව ප්‍රකාශයක් කිරීමට ජිනීවාවලට රැගෙන ගිය සන්ධ්‍යා එක්නැලිගොඩ එම සමුළුවේ අංක 20 ශාලාවේදී දේශනයක් කළාය. ඇය ඒ සඳහා යොමුකර තිබුණේ සුනන්ද දේශප්‍රිය ඇතුළු කණ්ඩායමයි.

ඒ අතර මෙරටට එරෙහි අමෙරිකානු යෝජනාව ගෙන ඒමට දින දෙකකට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තවත් යෝජනාවක් ජිනීවා සමුළුවට ඉදිරිපත් කෙරිණි. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩන බවකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එම යෝජනාවට බී.බී.සී. ගුවන්විදුලිය පුළුල් ප්‍රචාරයක්ද ලබා දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා