සෙට්ටිකුලම්හි තද සුළඟින් නිවාස 700කට හානි

සෙට්ටිකුලම්හි තද සුළඟින් නිවාස 700කට හානි

දහයකට තුවාල

සෙට්ටිකුලම ප්‍රදේශයේ පෙරේදා (31) ඇතිවූ තද සුළං හේතුවෙන් නිවාස හත්සියයකට (700) පමණ හානි සිදුව ඇති අතර පුද්ගලයින් දසදෙනකු (10) පමණ තුවාල ලබා තිබේ.

සෙට්ටිකුලම,මැණික්ෆාම් ප්‍රදේශයේ පෙරේදා සවස හයයි තිහේ සිට (6.30) පැයක පමණ කාලයක් පැවති මෙම තද සුළඟින් එහි තාවකාලිත නිවාසවල වහළවල් කැඩී මෙලෙස හානි සිදුව ඇතැයි සෙට්ටිකුලම පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රජයේ රෝහලට ඇතුළත්කර තිබේ. එම ප්‍රදේශයේ පවුල් දහසක් පමණ (1000) පදිංචිව සිටින අතර ඉන් පවුල් හත්සියයකට පමණ තද සුළඟින් පීඩා ඇතිවිය. සුළඟින් හානි වූ නිවාස යළි යථා තත්ත්වයට පත් කරමින් ඔවුන්ගේ සුබසාධන කටයුතු සිදු කිරීමට පියවර ගත් බවද පොලිසිය සඳහන් කර සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා