ඊ.පී.ඩී.පී. සාමාජිකයා මැරූ සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකයට

ඊ.පී.ඩී.පී. සාමාජිකයා මැරූ සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකයට

ත්‍රිකුණාමලය, පෙරියකුලමේ දී ඝාතනය වූ ඊ.පී.ඩී.පී. සාමාජිකයාගේ ඝාතකයන් තිදෙනා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පෙරේදා (31) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට පොලිසිය කටයුතු කරනු ලැබිණ.

මේ සැකකරුවන් තිදෙනා කොටි සංවිධානයට සම්බන්ධ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසුව මේ පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර කොටි ජාලයේ උපදෙස් මත මේ සැකකරුවන් තිදෙනා ඊ.පී.ඩී.පී. සාමාජිකයා මරා දමා ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග සැකකරුවන් මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.

මාර්තු 18 දින ත්‍රිකුණාමලය පෙරියකුලමේ දී ඊ.පී.ඩී.පී. සාමාජික වේලායුධන් රගුනාදන් හෙවත් මුත්තු නැමැති අය ගේ බෙල්ල කපා මරා දැමීමත් සමග ආරම්භ කළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් ඝාතකයන්ගෙන් මේ තොරතුරු හෙළි වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා