සත්කඳුරු රජමහා විහාරයේ පැරණි පූජා භාණ්ඩ සොරාගෙන

සත්කඳුරු රජමහා විහාරයේ පැරණි පූජා භාණ්ඩ සොරාගෙන

තලාතුඔය හපුතලේ සත්කඳුරු රාජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ අවුරුදු හත්සීයකට වඩා පැරැණි කැටයම් සහිත මකරතොරණ බුද්ධ ප්‍රතිමාව හා දේව රූප ඇතුළු පින්කැට දෙක සොරාගෙන ගොස් ඇත.

මේ සොරකම සිදුකැර ඇත්තේ විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයෙහි පිහිටි ජනේලයේ සවිකැර තිබූ කම්බි කපා බව සිදුකළ පරීක්ෂණ මත ඔප්පුවී ඇත.

මෙසේ සොරකම් කැර ඇති පෞරාණික පූජා භාණ්ඩ ක්‍රිස්තු වර්ෂ 1354 දී ගම්පොළ යුගයේ රජ පැමිණි පස්වැනි බුවනකබාහු රජුගේ පරිත්‍යාගයක් බව පුරා විද්‍යාත්මක සාධක මත පිළිගැනීමට හැකිය.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු තලාතුඔය පොලිසිය දැනටමත් ආරම්භ කැර ඇතැයි විහාරාධිපති නිකහැටියේ සඳදෝ නාහිමියෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා