වැඩිවිය පැමිණි දා තරුණියගේ ගෙලට දැමූ රන් මාලය එදා රෑම උස්සලා

වැඩිවිය පැමිණි දා තරුණියගේ ගෙලට දැමූ රන් මාලය එදා රෑම උස්සලා

වැඩිවිය පත් දියණියගේ උත්සවය අවස්ථාවේ මව විසින් කරට දමන ලද රුපියල් හැත්තෑ පන්දහසක් (රු. 75,000) වටිනා මාලය ඥාතිවරියක විසින් එදින රාත්‍රියේ සොරකම් කර ගැනීමේ සිද්ධියක් පිළිබඳ ඌරුබොක්ක පොලිසියෙන් වාර්තාවේ.

දේවාලේගම නැඟෙහිර රදාවෙල ප්‍රදේශයේ දොළොස් හැවිරිදි දැරියගේ වැඩිවිය පැමිණීමේ උත්සවයක් පසුගිය දින පවත්වා ඇති අතර එදින රාත්‍රියේ උත්සවය අවසන් විමෙන් පසු දැරිය කාමරයේ නින්දට ගොස් තිබේ.

දැරිය උදේ නින්දෙන් අවදි වී කර මාලය බලන විට එය අතුරුදහන්ව ඇති බව දැක ඇත. මේ කාමරයේ නිදා හුන් දෙයියන්දර ප්‍රදේශයේ ඥාතිවරියක් කලබලෙන් සූදානම් වී නිවසින් පිටවී ගොස් ඇත.

සිද්ධියට ඇය සැක බව පොලිසියට පැමිණිලි කර ඇත. සැකකාරිය අත්අඩංගුවට ගැනීමට ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා