අවුරුදු දින දෙකේ හදිසි අනතුරු 454ක්: ගිය වසරට වඩා 9%ක වැඩිවීමක්

අවුරුදු දින දෙකේ හදිසි අනතුරු 454ක්: ගිය වසරට වඩා 9%ක වැඩිවීමක්

මෙවර අලුත් අවුරුදු සමයේ 13 හා 14 දින දෙක තුළ හදිසි අනතුරු 454ක් හා මරණ එකක් වාර්තා වූ බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය පවසයි.

පසුගිය වසර හා සැසඳීමේදී සියයට 9 ක වැඩි වීමකි. එසේම එම දින දෙකක කාලය තුළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 232කි.

පසුගිය වර්ෂයට සාපේක්ෂව එය සියයට 28ක ඉහළ යාමකි.

මහාමාර්ග අනතුරු වල සියයට 6 ක අඩුවීමක් ඇති අතර හිංසන අනතුරුවල සියයට 21 ක වැඩි වීමක් ඇති බවත් ගිනිකෙළි අනතුරු දෙකක් ඇති බවද හදිසි අනතුරු අංශයේ හෙදි නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය කීවාය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණි රෝගීන් අතරින් වැටීම් 76ක්, හිංසන75, ක්‍රීඩා හේතුවෙන් වු අනතුරු 19 ක් ද සිටි බව පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය පැවසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා