ලොව ධනවත් රටවල් රැසක රැකියා නැති පිරිස් වැඩිවෙලා

ලොව ධනවත් රටවල් රැසක රැකියා නැති පිරිස් වැඩිවෙලා

2011 ශ්‍රී ලංකාවේ 4.2% යි

ලෝකයේ බොහෝ දියුණු හා ධනවත් රටවල් රැසක රැකියා නොමැති පිරිසගේ සංඛ්‍යාව වැඩි වී ඇතැයි වාර්තා වේ.

වසර 2011 දී ලොව ඉහළම විරැකියා අනුපාතයක් පැවති රට වනුයේ ස්පාඤ්ඤයයි. එහි විරැකියා අනුපාතය සියයට 23.3 කි. අහිමි වූ රැකියා ඉල්ලා මහ පාරට බැස උද්ඝෝෂණය කරන පිරිස වැඩි වූ රටවල් අතර ගී‍්‍රසිය ප්‍රධානය. එහි විරැකියාව සියයට 19.9 ක් විය. ඊට අමතරව ප්‍රංශයේ විරැකියාව සියයට 10 මට්ටමේ පැවැති බව සංඛ්‍යා ලේඛන වාර්තාවල දැක්වේ. එක්සත් රාජධානියේ විරැකියාව සියයට 8.4 කි. අමෙරිකාවේ එය සියයට 8.3 කි. කැනඩාවේ සියයට 7.4 ක විරැකියා මට්ටමක පවතී.

වසර 1990 දී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතිකය සියයට 15 ක් විණි. එය වසර 2010 වන විට සියයට 4.9 ක් දක්වා අඩු කර ගැනීමට සමත් විණි. වසර 2011 දී ලක්‍ෂ හතරේ සිට තුන්ලක්‍ෂ හතළිස්දහස දක්වා විරැකියාවෙන් පෙළෙන පිරිස අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව 2011 නවතම මහ බැංකු වාර්තාවේ දැක්වේ.

වසර 2011 මෙරට විරැකියා අනුපාතය සියයට 4.2 කි. එය ඉතිහාසයේ වාර්තා කළ අඩුම අගය වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා “දිනමිණ” ට ප්‍රකාශ කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා