කේන් ඉන්දියා සමාගම ගෝදාවරී ද්‍රෝණියෙන් තෙල් සොයාගනී

කේන් ඉන්දියා සමාගම ගෝදාවරී ද්‍රෝණියෙන් තෙල් සොයාගනී

මන්නාරම් ද්‍රෝනියේ තෙල් කැණීම් කටයුතුවල නිරතව සිටින කේන් ලංකා සමාගමේ මව් සමාගම වන කේන් ඉන්දියා සමාගම විසින් එරට (ඉන්දියාවේ) කාවේර් ගෝදාවරී ද්‍රෝනියේ ගොඩබිම් කැණීම්වලින් තෙල් සොයාගත් බව ඉකුත් දා නිවේදනය කළේය.

කේන් ඉන්දියා සමාගම කාවේරි ගෝදාවරි ද්‍රෝණියේ සිදු කරන කැණීම්වලින් තෙල් හමු වූ දෙවැනි අවස්ථාව මෙයයි.

තෙල් නිස්සරණය කර ගන්නා හයිඩ්‍රොකාබන තරලයක් හුණු සහ වැලිගල් අතරින් ගැඹුරු මුහුදේදී සොයා ගත් බව කේන් ශ්‍රී ලංකා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. දිනකට තෙල් බැරල් 70ක් සහ 0.6ක ධාරිතාවකින් යුත් ගෑස් මෙම තෙල් නිධියෙන් ලබා ගත හැකි වනු ඇතැයි ද මෙම සොයා ගැනීම් පිළිබඳ වානිජ්‍ය වටිනාකම් තක්සේරු කිරීම සඳහා තවදුරටත් අධීක්ෂණය කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක් වේ.

කේන් ඉන්දියා සමාගම 2011 නොවැම්බර් 11 වැනි දින මෙම තෙල් ළිඳ කැණීම් කටයුතු ඇරඹී අතර 2012 අගෝස්තු 7 වන දින මෙහි කැණීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා