කෑගල්ල දීවල පන්දෙණිය රක්‍ෂිතයේ කසිප්පු පෙරූ පුද්ගලයෙක් දැලේ

කෑගල්ල දීවල පන්දෙණිය රක්‍ෂිතයේ කසිප්පු පෙරූ පුද්ගලයෙක් දැලේ

කෑගල්ල දීවල පන්දෙණිය වන රක්ෂිතයේ නීති විරෝධී අන්දමින් කසිප්පු පෙරූ පුද්ගලයෙක් ඒ සඳහා යොදා ගත් උපකරණ හා මත්පැන් තොගයක්ද සමගින් අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සමත් වෙති.

මේ ජාවාරම්කරුට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා ජාවාරම සම්බන්ධයෙන් අරනායක පොලිසියේ නඩු හතක්ද, කෑගල්ල පොලිසියේ නඩු දෙකක්ද තිබියදී මෙසේ ජාවාරමේ යෙදුනු බව කියති.

වන රක්ෂිතයේ ගෑස් සිලින්ඩර් හා ගෑස් ලිප් යොදා ගනිමින් මොහු විසින් මත්පැන් පෙරා ඇති අතර ගෝඩා මිලි ලීටර් 178500ක් කසිප්පු මිලිලීටර් 48750ක් සමග මත්පැන් නිෂ්පාදනයට යොදා ගත් උපකරණ තොගයද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ විජිත වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කළ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා