කෑගල්ල නව බස් නැවතුම්පළට වැසිකිළි පහසුකම් නැතිව ගැටලු

කෑගල්ල නව බස් නැවතුම්පළට වැසිකිළි පහසුකම් නැතිව ගැටලු

කෑගල්ල නව බස් නැවතුම්පොළට වසරක පමණ කාලයක සිට පොදු වැසිකිලියක් නොමැති නිසා මගී ජනතාවට නොයෙකුත් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී ඇත.

කෑගල්ල නව බස් නැවතුම් පොළේ ඉදි කර තිබූ පොදු වැසිකිළිය වසරක පමණ කාලයක සිට වසා දමා ඇති අයුරු. එය දැනට කැඩී බිඳී ගොස් වල් බිහිවී තිබේ.
ඡායාරූපය කෑගල්ල සමූහ

මේ බස් නැවතුම්පළේ සිට මාර්ග 20ක, 25ක පමණ දිනපතා බස් ධාවනය සිදු වේ.

පාසල් සිසුන් රාජ්‍ය සේවකයන් ඇතුළු මගී ජනතාව දහස් ගණනක් දිනපතා මෙහි ගැවසෙති.

පොදු වැසිකිළියක් නොමැති නිසා බොහෝ දෙනෙක් ළඟ ඇති කාණුවක් අසල ස්ථානය ඒ සඳහා පාවිච්චි කිරීමට පුරුදු වී සිටිති.

එබැවින් මේ බස් නැවතුම්පොළට පොදු වැසිකිළියක් ඉදිකර දීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි මගියෝ කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා