මාපුටුගල කොස්හේන මාර්ගය කැඩිලා: ‘ගැමි සැරිය’ බස් රථය ධාවනයද ඇන හිටී

මාපුටුගල කොස්හේන මාර්ගය කැඩිලා:
‘ගැමි සැරිය’ බස් රථය ධාවනයද ඇන හිටී

වසර ගණනාවක් තිස්සේ කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවීම නිසා මාපුටුගල කොස්හේන මාර්ගය මේ වන විට පයින්වත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයට අබලන් වී පවතී.

මාර්ගයේ නඩත්තුව සඳහා කලකට පෙර දමා ගොස් තිබූ ගල් ගොඩවල් මේ වන විට තුනී වී ගොස් වල් බිහි වී ඇති අතර මාර්ගයේ අබලන් තත්ත්වය හේතුවෙන් හෝමාගම ඩිපෝව මගින් ධාවනයට එක් කර තිබූ ‘ගැමිසැරිය’ බස් රථයද මේවන විට ධාවනයෙන් ඉවත් කර තිබේ.

බස් රථය ධාවනය නොවීම නිසා ගමනාගමන කටයුතු වලදී මේ ප්‍රදේශයේ වැසියන් ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ දී ඇති අතර මාර්ගය නිසි ලෙස නඩත්තු කර පෙර ධාවනය වූ ගැමි සැරිය බස් රථය යළිත් ලබා දෙන්න යැයි ප්‍රදේශවාසීහු අදාළ බලධාරින්ගෙන් ඉල්ලති.

නඩත්තුවට රැගෙන ආ ගල් ගොඩවල් තැන තැන විසිරී ඇති අයුරු

මාර්ගයේ වළවල් හෑරී ඒවායේ වර්ෂා ජලය පිරී ඇති අයුරු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා