හේනේගම මහ විදුහලේ සා / පෙළ ප්‍රතිඵලවල ප්‍රගතියක්

හේනේගම මහ විදුහලේ සා / පෙළ ප්‍රතිඵලවල ප්‍රගතියක්

අපොස සාමාන්‍ය පෙළ 2011 විභාගයෙන් සමත් ප්‍රතිශතය අතින් කැලණිය අධ්‍යාපන කලාපයේ තිබෙන සියලුම පාසල් අභිබවා පළමුවැනි ස්ථානය හිමි කර ගැනීමට මහර අධ්‍යාපන කොට්ඨාසයේ හේනේගම මධ්‍ය විද්‍යාලය සමත් වී තිබේ.

එහි වත්මන් විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා එම විද්‍යාලයට පැමිණ ඇත්තේ 2007 මාර්තු මස 26 වැනි දිනය. එදා සිට මේ දක්වාම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල පාසලට අත්පත් කරදීමට කැපවීමෙන් සිය රාජකාරිය ඉටු කර තිබේ.

විද්‍යාලයේ මවුපියන් හා ආදි සිසුන් පවසන්නේ මේ විද්‍යාලයේ අධ්‍යාපන මට්ටම අන්තයටම පිරිහී ගොස් තිබූ අවස්ථාවක විද්‍යාලයට පැමිණි විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතාගේ දැඩි කැපවීම තුළින් මෙම වාර්තාමය අධ්‍යාපනික ජයග්‍රහණ විද්‍යාලයට හිමි කර ගැනීමට හැකිවූ බවය.

මේ අධ්‍යාපන කලාපයට මහර බියගම කැලණිය හා වත්තල යන අධ්‍යාපන කොට්ඨාස හතර අයත් වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා