අන්සතු ඉඩම්වල හොර ඔප්පු සකසා ලක්ෂ ගණනකට අලෙවි කරලා

අන්සතු ඉඩම්වල හොර ඔප්පු සකසා ලක්ෂ ගණනකට අලෙවි කරලා

සැකකරුට රු: 32,500ක් දඩ සහ අත්හිටවූ සිර දඬුවම්

කූට ලෙස ඉඩම් ඔප්පු සකසා අන්සතු ඉඩම් කොටස් පුද්ගලයන් දෙදෙනකුට විකිණීම, නීති විරෝධී ලේඛන සකස් කර අධිකරණ නීති 453, 403 යන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ඇතුළු චෝදනා 6 කට වරදකරු වූ පුද්ගලයකුට රුපියල් 32500ක දඩයක් සහ වසර 02ක සිර දඬුවමක් නියම කර එය වසර 10කට අත්හිටුවීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියම කළාය.

දඩය නොගෙවන්නේ නම් මාස 31 ක සිර දඬුයමක් ද නියම වන වගට නියෝග කළාය.

2007.8.31 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී දෙල්ගොඩ දොන් ලීලාවතී යන අයගේ ඔප්පුවක් කූට ලෙස සකසා මේ වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය පෙනී සිටි අතර චූදිත වෙනුවෙන් නීතිඥ ඒ. විරත්න මහතා පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා