හෙරොයින් ළඟ තබාගත් ඉංගිරියේ තිදෙනෙක් දඩකති

හෙරොයින් ළඟ තබාගත් ඉංගිරියේ තිදෙනෙක් දඩකති

හෙරොයින් ළඟ තබාගැනීම සහ මත්කුඩු භාවිත කිරීමේ චෝදනා මත ඉංගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හ මුවට පමුණුවන ලද විත්තිකරුවන් තිදෙනකුට එක් අයකුට රුපියල් 10,000 බැගින් රුපියල් 30,000 ක දඩයක් හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් නියම කරන ලදී.

විත්තිකරුවන් තිදෙනාම ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. ජී. විජේරත්න මහතාගේ මෙහෙවීමෙන් සැරයන් 55238 රූපසේන, කොස්තාපල් 29018 නි,න්ත, 42933 රාමනායක සහ පොලිස් සහායක 2246 පද්මලාල් යන පිරිස විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා