උතුරු නැඟෙනහිර වෘත්තීය පුහුණු උපදේශක වැඩමුළුවක් යාපනය චාවකච්චේරියේදී

උතුරු නැඟෙනහිර වෘත්තීය පුහුණු උපදේශක වැඩමුළුවක් යාපනය චාවකච්චේරියේදී

කොටි ත්‍රස්තවාදය නිසා උතුරු නැගෙනහිර පළාත්වල අඩාලවී ඇති වෘත්තීය පුහුණු වැඩසටහන් ජාතික තරුණ සේවා සභාව ඉකුත්දා නැවත ඇරඹීය.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රැසක පුහුණු කටයුතු අඩාල වී තිබිණි. එම මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා ජාතික පුහුණු පාඨමාලා ලෙස ඉකුත්දා යාපනයේ චාවකච්චේරියේ පුහුණු මධ්‍යස්ථානයෙන් ඇරඹිණි.

එහි ප්‍රථම පියවර ලෙස උතුර සහ නැගෙනහිර ඇති වෘත්තීය පුුහුණු මධ්‍යස්ථාන 45ක උපදේශක උපදේශිකාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විණි.

වැඩමුළුව ඇමතූ ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ අජිත් නාරගල මහතා මෙසේ පැවසීය.

වසර තිහක් කොටි උවදුරු නිසා තම ජීවිතවල බලාපොරොත්තු නැති කර ගෙන සිටි උතුර නැගෙනහිර ජනතාවගේ ජීවිතවලට නව ආලෝකයක් ලබාදීමට මහින්ද චින්තනය ඉදිරිපත් වී සිටී.

ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන්ගේ ජීවිත සවිබල ගැන්වීමට ජීවන මාර්ගයක් සලසා දිය යුතුය. ඉකුත් 30 වසරක කාලයක් මේ ප්‍රදේශවල වෘත්තීය පුහුණු වැඩ කටයුතු අඩාලව ඇත.

අද තරුණ තරුණියන් සාමාන්‍ය පාරම්පරික වෘත්තීය පුහුණු ලබාදීම ප්‍රමාණවත් නොවේ. ලබා දෙනු ලබන පුහුණු සහතිකය දෙස් විදෙස්හි පිළිගන්න සහතිකයක් විය යුතුය.

මේ අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සංවර්ධන) සුගත් හේවා විතාරණ සහකාර අධ්‍යක්‍ෂ (පුහුණු) එච්. එම්. ටිකිරිබණ්ඩා, පළාත් අධ්‍යක්‍ෂිකා වී. විමලේෂ්වරී, තරුණ සේවා නිලධාරිනි ඩී. ඒ. දයානි මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා