පානදුරේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියන්ගේ බෑග් සොරකම් කරලා

පානදුරේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියන්ගේ බෑග් සොරකම් කරලා

සැකකාර සිසුන් දෙදෙනාට දඬුවම් නියම කිරීම කල් තබයි

පානදුරේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියන් ගේ බෑග් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එම පාසලේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට දඬුවම් නියම කිරීම සඳහා පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා ඔවුන් දෙදෙනා පිළිබඳව පරිවාස වාර්තාවක් කැඳවීය.

ගුරුවරියන් ගේ බෑග් සොරකම් කිරීම මහත් අබිරහසක් බවට පත්වී තිබිණි.

පානදුර පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය පරීක්‍ෂණ ඇරඹුවේ ය. ජංගම දුරකථනයක් උපයෝගී කර ගෙන බෑග් සොරුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

මෙම ශිෂ්‍යයන් දෙදෙනා 20.08.12 දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔවුන් ගුරුවරියන් දෙදෙනා ගේ බෑග් සොරකම් කිරීම ගැන වරද පිළිගත්තේ ය. දඬුවම් නියම කිරීම මහේස්ත්‍රාත්වරයා කල් තැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා