ධර්මපාල විදුහල දෙවැනි වටයට දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ධර්මපාල විදුහල දෙවැනි වටයට

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අවුරුදු 13න් පහළ 'ඒ' කණ්ඩායම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 4න් 3ක් ප්‍රථම ඉනි‍මේ ජය ලබමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ඉතිරි තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

කැලණිය ගුරුකුල විදුහල, පිළියන්දල මධ්‍ය මහා විදුහල සහ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය පරාජය කිරීමට ධර්මපාල විදුහල් පිල සමත්වූ අතර කොළඹ අශෝක විද්‍යාලය සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ධර්මපාල විදුහල වෙනුවෙන් ඒ.ඩයනක තරග 4කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 192ක් රැස් කරමින් ද, වමතින් පාදඟ පන්දු යවන කවිඳු ඩිල්ෂාන් කඩුලු 21ක් සහ දකුණත් පාදඟ පන්දු යවන හෂාන්ත විශ්වජිත් කඩුලු 17ක් බිඳ හෙලමින් ද දක්ෂතා දැක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා