බොක්සිං ශූරයා සිරගෙට දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

බොක්සිං ශූරයා සිරගෙට

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ චෙක් රාජ්‍යයේ හිටපු බොක්සිං ශූර ලුඩෝවිට් ප්ලැචෙට්කෝට වසර 8ක සිර දඬුවමක් නියම කළ බව එරට නීති බලධාරීහූ ප්‍රකාශ කළහ.

පසුගිය වසරේ ජූලි මාසයේ දී සිය පෙම්වතියගේ 20 හැවිරිදි සොයුරිය දූෂණය කිරීම ඔහුට එරෙහිව නගා තිබූ ‍චෝදනාව විය. 41 හැවිරිදි ප්ලැචෙට්කෝ‍ට මීට පෙර ද අපරාධ ‍චෝදනා රැසක් එල්ලවී තිබිණි. 1998 වසරේ දී එවකට සිටි පෙම්වතියගේ මව ඝාතනය කිරීමත්, පෙම්වතිය ඝාතනය කිරීමට තැත් කිරීමත් හේතුවෙන් ප්ලැචෙට්කෝට වසර 13ක සිර දඬුවමක් පනවා තිබිණි. නමුත් වසර 9ක සිර දඬුවමකින් පසු ඔහු නිදහස් කෙරිණි.

පළමු වරට සිරගත වීම‍ට පෙර චෙක් රාජ්‍යයේ ජාතික බොක්සිං මිඩ්ල්වේට් ශූරතා 3ක් දිනාගත් ප්ලැචෙට්කෝ 1996 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ද උදාකරගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා